මහනුවර මහ රෝහලේ බිම් ප්‍රමාණය මුලදී අක්කර හැත්තෑවක් පමණ වුවත් සෑහෙන කොටසක් දැන් බලෙන් අල්ලාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ මහනුවර ශාඛාව කියයි.
දේශපාලන අනුග්‍රහය මත රෝහලේ ඉඩම් බෙදා දුන් අවස්ථාද ඇතැයිද ඇතැම් පුද්ගලයින් අනවසර ගොඩනැගිලි ඉදි කැර ඇතැයිද සංගමයේ සභාපති දොස්තර සමන් කරුණාතිලක පවසයි.
වෛද්‍ය නිල නිවාස අබලන් වී ඇතැයිද ඔහු කියයි.