පාසල් සිසුන් අවදියේ සිට සමාජ සේවයට ලැදි මිතුරෝ පස් දෙනෙකි. වෙන්නප්පු නගරයේ ඈති නොයෙක් සමාජ සේවා ආයතන රැසක ඔවුහු ක්‍රියාකාරි සමාජිකයින් වුහ.
පාසල් අධ්‍යාපනයට සමු දී තම තමන්ගේ ජිවිත සොයා යැමේදී මොවුන් එකිනෙකාගෙන් දුරස් විය. වසර 20කට පසු මෙම අපුරු මිතුරන් පස්දෙනා නැවත මුණ ගැසෙනුයේ ඉතාලියේ වෙරොනා නුවරදීය.
නැවතත් සමාජ සේවයට පිවිසීමට විමට ඔවුහු එහිදි කතිකාකර ගත්හ. වෙන්නප්පු මිත්‍රත්ව සුබසාධක සංගමය බිහි වනුයේ එහි ප්‍රතිපලයක් ලෙසිණි. මෙයට වසර තුනකට පෙර මිතුරන් පස් දෙනාගෙන් ඈරබි පෙන්නප්පු සුභසාධක සමිතියේ මේවනවිට සාමාජිකයෝ ගණන සියය ඉක්මවා සිටිති.
සාමාජිකයින් වැඩ් දෙනා කතොලික වුවත් ඔවුනට ජාති ආගම් බේද නොමෑත. පාසල් දෙවස්ථාන පාසල් රෝහල් අනාථ නිවාස රැසකට ඔවුන් මෙවන විට උදව්කර තිබේ. තවත් වටිනා සමාජ සත්කාරයකට අත ගෑසු වෙන්නප්පු සුභසාධක සංගමය ඒ වෙනුවෙන් පවත්වන සංගිත ප්‍රසංගයක් 13වෙනි සෙනසුරාදා සවස 6ට පොර්තා වෙස්කොවා ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතය.
මහනුවර මහා රෝහලේ ඉදිවන පිළිකා වාට්ටු සංකිර්ණයට මුදලින් උපකාර කිරිම මෙවර ඔවුන්ගේ අරමුණය. රොහල් බලධාරින්ගේ ලිඛිත අවසරය තම සංගමයට ලැබුණු බවත් ලැබෙන සෑම යුරෝවක් වැය වනුයේ ඒම පිලිකා වාට්ටු සංකිර්ණය ගොඩ නෑගිමට බවත් ඒ වෙනුවෙන් පවත්වන මෙම සංගිත ප්‍රසංගය රසවත් කිරිමට ක්‍රිස්ටෝපර් පෝල් පොඩි ජෝති වෑනි ජනප්‍රිය ගායකයින් සිකුරාදා වෙරෝනා නුවරට පැමිණෙන බවත් එම සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියයි. පොලිස් ආරක්ෂාවද මෙම ප්‍රසංගය වෙනුවෙන් ලබාදී තිබේ.