මහනුවර - පොලිස් අවසන් පූර්ව වටයට
මහනුවර ක‍්‍රීඩා සමාජය සහ පොලිස් ක‍්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමු කොටසේ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. අද (28)පැවැති අර්ධ අවසන් පූර්ව තරගවලදී මහනුවර පිල ලකුණු 83- 05 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ද, පොලිස් පිල ලකුණු 23- 21 කින් නාවික හමුදා පිල ද, පරාජය කළේය.

