මහඔය පොහොර වංචාවක් ගැන විමර්ශනක්


(අංජුල මහික වීරරත්න)

අම්පාර මහඔය ප්‍රදේශයේ සිදුව ඇති යුරියා පොහොර වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.

ගොවි ජනතාවට බෙදාහැරීමට ලබා දුන් යුරියා පොහොර තොගයක් මහඔය ගොවි සංවිධානයක් විසින් වංචා සහගතව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමෙි සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙයි.

පොහොර ලබාගත් ව්‍යාපාරිකයා අදාල පොහොර වැඩි මුදලට ගොවීන්ට අලෙවි කර ඇතැයි ද එම වංචාවට සම්බන්ධ සියලු දෙනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.