මහඉලුප්පල්ලම බීජ ගොවිපොල බංගලිදේශයට බදු දීමට විරෝධය


 

(දයාරත්න ඇඹෝගම)
 
මහඉලුප්පල්ලම පිහිටි රජයේ බීජ ගොවිපල වසර 150 ක් සඳහා බංගලාදේශයේ සමාගමක් වෙත බදු දීමට කෘෂිකර්ම ඇමැති කටයුතු කර ඇතැයි පවසමින් දේශපාලඥයින්, මහජනතාව සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ අද (21) එම ගොවිපල ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
 
වසර 150 ක් සඳහා බදු දෙන මෙම බීජ ගොවිපල එම වසර 150 ගෙවී ගිය පසු යළිත් වසර 105 ක් වශයෙන් දීර්ඝ කළ හැකි අන්දමින් ගිවිසුම ක්‍රියාත්මක විම හේතුවෙන් පරම්පරා 20 කට වැඩි කාලයක් බංගලාදේශයට ගැතිකම් කිරීමට සිදු වන බව විරෝධතාවයට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා සඳහන් කළේය.
 
බැනර් හා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වු පිරිස් ප්‍රකාශ කලේ වසර 67 ක් පමණ පැරණි ආයතනයක් විදේශ රටකට බදු දීමට රජය ගෙන ඇති තීරණයට දැඩි සේ විරුද්ධ බවයි.