ලාහුගල ඓතිහාසික නීලගිරි සෑය අසළ අද පිංකමක් පැවැත්විණි. ලාහුගල කිරි වෙහෙර , කොට වෙහෙර හා නීලගිරි විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ලාහුගල ගැමියන්ගේ හා නැගෙනහිර බෞද්ධ පුනගරාගමනය මේ පිංකම් සංවිධානය කළේය.
පෙර දින රාත්‍රී පහන් පූජාවක්හා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්විණි.
අද සියක් නමක් උදෙසා සාංගීක දානායක් පැවැත්විණි.
පන්සියයකට අධික පිරිසක් නීලගිරි සෑය අසල පෙහෙවස් සමාදන් වූහ.
පළමු වැනි සියවසටත් වඩා ඉපැරණි බව කියන නීල ගිරි සෑය අලි ඇතුන් ගහන මහ වන මැද පිහිටියේය.
ආසියාවේ කළු ගලින් නිම කළ පේසා වළල්ලක් ඇති එකම සෑය නීලගිරිය බව පුරා විද්‍යාඥයො කියති.
නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බව පුරා විද්‍යාඥයෝ කියති.
(වීඩියෝ යූ විජේසිංහ)