මහරගම දඹහේන දේවාල පාරේදී යතුරු පැදියකින් ආ කොල්ලකරුවන් දෙදෙනකු කාන්තාවකගේ රුපියල් අසු දාහක්ද මුදු දෙකක්ද පැහැරගෙන ගිය බව පොලීසියට පැමිණිලි කැර ඇත.
උගස් කළ යතුරුපැදියක උගස ඇරවීම සදහා එම මුදල් ගෙන ගිය බවත් කොල්ලකරුවන් ඇගේ ජංගම දුරකතනය උදුරාගෙන සිම් කාඩ්පත ගලවා වීසි කළ බවද පොලීසිය කියයි.