මස්සිනා ගල් ගසා මරයි


තණමල්විල සූරිය ආරේ දෙමස්සිනාලා අතර හබයක් දුරදිග ගොස් එක් මස්සිනා කෙනකු ගලකින් ගසා මරා දමා ඇතැයි තණමල්විල පොලීසිය කියයි. පවුල් ආරවුලක් මීට හේතුව බව ද පොලීසිය කියයි. මේ අතර කුකුළු සොරකමක් මුල් කැර ගෙන ඇතිවූ ගැටුමකින් සියඹලාණ්ඩුව බුද්දම අවිවාහකයකු ගෙල මිරිකා මරා සිරුර කාණුවකට ද, වැසිකිලි වළකටද දමා අන්තිමට කෙසෙල් පඳුරක් යට සැඟවා ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය කියයි.