මව් සෙනෙහසක තරම
කෙන්නියාවේ ඇම්බොසිලි ජාතික වනෝද්‍යානයේ වළකට වැටුණු අලිපැටවකු ගොඩ ගැනීමට වනෝද්‍යාන සේවකයෝ ප්‍රශ්න කිහිපයකට මුහුණ පෑහ. මව හා ඇගේ සහායට ආ අලියා ඉවතට පන්නා දැමීමත් පැටවා ගොඩ ගැනීමත් ඔවුනට ප්‍රශ්නයක් විය.
සෑහෙන වේලාවකට පසු පැටවා ගොඩගත් සැණින් පැටවා මව සොයා එක පිම්මේ දිව්වේය. මවද ඉදිරියට ආවාය. පැටවා මුලින්ම කළේ මවගෙන් කිරි බීමයි.

