උඩවලවේ ජාතික වනෝද්‍යාන බටහිර මායිමේ ගල්පායේ අගලකැපු ආරේ දී පසු ගිය දෙවැනිදා පැහැරගන්නට තැත් කළ කෙනෙර පැටියා සොයා ගත් බව වනජීවී නිලධරයෝ කියති.
අවුරුදු තුනහමාරක් හතරක් පමණ වන මේ කෙනර පැටියා අඩි හතරක් උස බවත් මෙවැනි පැටියකුට අලි රංඩුවේ උපරිම ආරක්ෂාව ලැබෙන බැවින් මව නොමරා පැහැර ගැනීම ඉතා අමාරු බව අලි ඇතුන්ගේ හැසීරීම් දන්නෝ කියති.
අලි පැටවා මත් කිරීමට බෙහෙත් දී ඇති බවත් පැටවා උඩවලව ඇත් අතුරු සෙවණේ සිටින බවත් මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී මහින්ද තේරසිංහ මහතාගේ වීඩියෝ කැමරාව කඩා වීඩීයෝ පටය පහැරගත් මැරයන් මෙතෙක් අත්අඩංගුට ගෙන නැති බවත් ඔහුගේ නිවස පිහිටි ප්‍රදේශට පොලිස් ජංගම සේවයක් පමණක් ද යොදා ඇති බවත් දැනගත්තට ඇත.

