මියන්මාරයේ පැවති 13 වැනි ආසියා යොවුන් බර ඉසිලිමේ ශූරතාවලියේ කිලෝ 50 බර පන්තිය (පිරිමි) ක්ලීන් ඇන්ඩි ජර්ක් ක‍්‍රමයට බර ඉසිලීමෙන් රන්පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ එකොලොස් වැනි ශ්‍රේණියේ ශෂික ඒකනායක සමත් විය. ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ශෂික ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අද (12) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. ඔහු රටවල් 65ක් පදරවා මේ ජය හිමිකර ගත්තේය.
වසර දොළහකට පසුව ආසියා යොවුන් බර ඉසිලමේ ශූරතාවලියකදී ශ‍්‍රී ලංකාව රන්පදක්කමක් දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය බවත් ශෂික හිමිකරගත් මෙම ජයග‍්‍රහණ සමගම ලෝක ශ්‍රේණිගත කිරිමේ පස් වැනි ස්ථානයට ඔහු පැමණි සිටින බව ශ‍්‍රී ලංකා බර ඉසිලිමේ සංගමයේ සහකාර ලේකමි කේ.ඒ කුමාරදාස මහත කීය.
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායමට පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉසුරු සේනාධීර, දිනුදා අබේසේකර සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩී.ඩී පළගසිංහ ක‍්‍රීඩිකාවෝ ඇතුළත් වූහ.
පුහුණුකරුවන් ලෙස ඩන්කන් ජයසිංහ, චමින්ද ගමගේ, ගාමිණී ගුණතිලක සහ රුක්ෂාන් ගුණතිලක සහ වික‍්‍රමසිංහ යන නිලධාරීන් කටයුතු කළහ.