මරීජා සත් සාමාජික රග්බි නායකත්වයට පත්වෙයි


ඉන්දියාවේදී මේ මස 13 සහ 14 දෙදින පැවැත්වෙන මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාෂිල් මරීජා නම් කර තිබේ. ෂැන්හායි සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වූ මොහොමඞ් ෂෙරීෆ් සහ සෙනාල් ඩයස් ආබාධවලට ලක්ව සිටීම නිසා කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම: ෆාෂිල් මරීජා (නායක), දිලිප් සෙල්වම්, නයිජල් රත්වත්ත, චූලා සුසන්ත, මිතුන් හපුගොඩගේ, සජිත් සාරංග, සයිරු අංජුල, දිනූෂ චතුරංග, විශ්වමිත‍්‍ර ජයසිංහ, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සාලිය කුමාර සහ සාලිය හඳපාන්ගොඩ අතිරේක ක‍්‍රීඩකයෝ: සුරංග පුෂ්පකුමාර, රදික හෙට්ටිආරච්චි සහ චරිත සෙනෙවිරත්න