ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රමිතියෙන් යුතු දරුවන් හදා ඇති බවත් තමන්ටද ප්‍රමිතියෙන් යුතු දරුවන් හදා ගැනීමට දැන් සිත් පහළ වී ඇති බවත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා දඹුල්ලේදී පැවසිය.
ඇමතිවරයා මෙසේද කීය
‘ ඕනෑම දෙයකට ප්‍රමිතියක් තිබිය යුතුයි . ඒ වගේම තමයි දරුවන්ටත් ප්‍රමිතියක් තිබිය යුතුයි. ඇමැති ජනක බණ්ඩාර ප්‍රමිතියෙන් යුතු දරුවන් හදලා තියෙනවා. මටත් දැන් හිතෙනවා ප්‍රමිතියෙන් යුතු දරුවක් හදන්න. ඒත් දැන් ඒකට වෙලාව නොවෙයි.
අද බොහෝ කාන්තාවන් දරුවන් හදන්නේ එකයි නැත්නම් දෙකයි. අතීතයේ එහෙම නෑ. ඒ නිසා කාන්තාවන් දරුවන් හැදිය යුතුයි. ඒවිට තමයි උතුම් වු මව් පදවිය ලැබෙන්නේ.