මර්වින්ගෙන් නීතිඥ සහය නොමිලේ


වැලිවේරිය නැදුන්ගමුව රතුපස්වල ඇතුළු  ගම්මාන දහයක පමණ ළිං වතුරෙහි අම්ල ගතිය අඩුවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගේ චෝදනවට ලක්ව ඇති  කර්මාන්ත ශාලාවට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා නීතිඥ සහය තමන් විසින් ලබා දෙන බව අද දහවල් ගම්පහ අධිකරණ භූමියට පැමිණි  මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවේය.

 මර්වින් සිල්වා මහතා ඊයේ පෙරවරුවේ අදලා කර්මාන්ත ශාලාව වෙත පැමිණ එහි පාලානාධිකාරිය  සම සාකච්ඡා කොට අද පෙරවරු දහය වනතෙක්  කර්මාන්ත ශාලාව වසා දැමූ අතර එහි  සේවකයින් ඉවත්  කරමින් ගම්වැසියන්ට පොරොන්දු වූයේ ජලයේ  පී.එච් අගය අඩුවීමට හේතුව කර්මාන්ත ශාලාවදැයි යන්න සෙවීම  සඳහා කරන පරීක්ෂන වාර්ථා එනතුරු කර්මාන්තශාලාව වසා දැමීමේ අධිකරණ නියෝගකට  යාමට  ජනතාව සමග  තමාද   අධිකරණයට යාමට  පැමිණෙන බවය.

පොරොන්දු වූ පරදි  මර්වින් සිල්වා මහතා අද   ගම්පහ අධිකරණ භූමියට පැමිණියේය.  

‘එහිදී  මර්වින් සිල්වා මහතා පැවසූවේ  පෙරේදා තමන් විසින් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා  ජනතාවගෙන් උද්ඝෝෂනය නතර කරන ලෙස ඉල්ලා සිටි මුත්  ජනතාව ඒ සඳහා එකගතාවය  නොදැක්වීම පිළිබඳව කනගාටු වන බවත් කෙසේ වුවත් තමන් රජය පැත්තේ නොව ඉදිරියටත්  මෙම ප‍්‍රශ්නයේදී  ජනතාව සමග සිටින බවය.

එහිදී ගම්වැසියන්ගේ සහයට පැමිණ සිටින මුල සිටම උද්ඝෝෂකයන්ට  සහය දැක්වූ එම ප‍්‍රදේශයේම වැසියෙකු වූ නිතිඥ පාලිත සේනාරත්න මහතා මර්වින් සිල්වා මහතාට කරුණු පැහැදිලි කර දෙමින් කියා සිටියේ  ගම්වැසියන්  මර්වින් සිල්වා මහතාගේ ඉල්ලීමට පිටු පෑවේ අන් කිසි හේතුවක් නිසා නොව මෙතෙක්  මේ ප‍්‍රශ්ණයට විසදුමක් දීමට සාකච්ඡුා  කොතෙක් පැවත්වුවද මේ වෙන තෙක් පිළිගත හැකි විසදුමක් ඉදිරිපත්  කර  නොමැති බැවින් සහ මර්වින් සිල්වා මහතා හැරුනු කොට ප‍්‍රදේශයේ කිසිම ඉහළ පෙළේ  දේශපාලඤයෙක් ගම්වැසියන්ගේ දුක දැකීමට පැමිණ නැති බැවින් බවත් කීවේය.

 එසේම අදාල කර්මාන්ත ශාලාව  පරිසරයට කර ඇති විනාශය පිලිබඳව කරුණු පැහැදිලි කළ පාලිත සේනාරත්න මහතා විවධ  රසායානික අපද්‍රව්‍ය අවට ගල්වල වල් වලට සහ අවට ඉඩම් වල පුරවා පස්ගොඩවල් සේ ගොඩ ගසා දමා ඇති අන්දම පැහැදිලි කර දුන්නේය.

කෙසේ වෙතත් අවසානයේ  මර්වින් සිල්වා මහතා පැවසුවේ මෙම ජල සටන ඉදිරියට ගෙනයාමට තමන්ගේ පූර්න සහයෝගය ලබා දෙන බවත්  ජ්‍යෙෂ්ඨ  නීතිඥ මහතුන් සමග සාකච්ඡා  කොට  කර්මාන්ත ශාලාවට  එරෙහිව  නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තීරණයකට පැමිණෙන බවයි.

ඒ සඳහා මුදල්ද වියදම් කරන බවත් පැවසූ අමාත්‍යවරයා ජනාධිපකි නීතිඥයින් පවා අල්ලන බව කීය.

කෙසේ වෙතත්  ස්ථිර විසදුමක් ලැබෙන තෙක් දිගටම උද්ඝෝෂණය කරන බව ගම්වැසියෝ කියති.