මර්වින්ගෙන් ගම්පහ දේශපාලනඥයින්ට දොස්


‘ වැලිවේරිය රතුපස්වල අවට ජනතාවගේ ජල ප්‍රශ්නයට අවශ්‍ය වේලාවට ගම්පහ දිස්ත්‍රික්කයේ  දේශපාලනඥයෝ විසදුම් දුන්නානම්  ජීවීතයක් නැති වෙන්නේ නෑ.තුවාල වෙන්නේත් නෑ. මම මේවා කිව්වාම මට චෝදනා පත්‍රයක්  ලැබෙයි. ඒකටත් මම උත්තර දෙන්න ලෑස්තියි.’ යැයි මහජන කටයුතු හා මහජන සම්බන්ධතා පිළිබද  ඇමැති  මර්වින් සිල්වා  මහතා කැලණීය වනවාසලදී පැවති රැස්වීමකදී  අද (02) පැවසීය.