මර්දනකාරී රටවලට මහා බ්‍රිතාන්‍යය යූරෝ කෝටි 900ක (රුපියල් කෝටි 157500) යුද හා බුද්ධිමය උපකරණ විකුණා ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත කියයි.
බෙලරූස්, ඉරාණය, චීනය, ශ්‍රී ලංකාව, රුසියාව හා සිම්බාබ්වේ ඒ රටවල් බව එම වාර්තාව සඳහන් කරයි.
මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ ඉතිහාසයක් ඇති රටවල් සමග මහා බ්‍රිතාන්‍ය අවි ගිවිසුම් 3000ක් අත්සන් කර ඇතැයි ද එම පුවත්පත කියයි.