මරණයෙනුත් ගසා කන්න හදයි


ඉතාලියේ නාපෝලියේදී රිය අනතුරකින් මිය ගිය දුම්මලසූරිය තරුණයාගේ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔහුගේ පියාට අවශ්‍ය උපදෙස් දුන් බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ රාණි බුලත්වෙල මහත්මිය කියන්නීය.

උපදෙස් දීම හැරුණුවිට වෙනත් මැදිහත් වීමක් නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.

මිය ගිය තරුණයාගේ සිරුර ලංකාවට එවීම සඳහා මුදල් ඉල්ලා සිටින බව ඔහුගේ පියා කියයි.

රිය අනතුරෙන් මිය ගිය තම පුතාට වන්දි වශයෙන් ලැබුණු මුදල රුපියල් දස ලක්ෂයකට වැඩි නොවන බවත්, එයින් ද සියයට දහයක් කොමිස් වශයෙන් එක් පුද්ගලයකු ඉල්ලූ බවත් ඔහු කියයි.

ඉතාලි ආරංචි කියනුයේ ලැබෙන මුදලට කොමිස් ගැසීමක් සිදු නොවන බවයි.