මත්තේගොඩ කිරිගම්පමුණුවේ දෙමහල් නිවෙසක තනිව විසු විශ්‍රාමික බැංකු නිලධාරිණිය මාසයකට පෙර එම දෙමහල් නිවස රුපියල් ලක්ෂ 50කට මිලට ගෙන ඇති බවත් දින කිහිපයකට පෙර නාඳුනන පුද්ගලයකු නිවෙස අසල සැරිසැරූ බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය කියයි. එම පැමිණිල්ල විභාග කිරීමට දින කිහිපයක් එහි ගිය නමුත් ගේට්ටුව වසා තිබූ හෙයින් පොලියි ආපසු ගොස් ඇත. මියගිය කාන්තව තමන් සමග කේන්දරය බලා ගැනීමට දින කිහිපයකට පෙර ගිය බව අසල්වාසි කාන්තාවක පොලිසිය කියා ඇත.