මම මට කළ හැකි උපරිමය කළා - මහැදුරු කාලෝ


(රංජන් කස්තුරි)

‘‘මම තවදුරටත් රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නෑ. මම මට කළ හැකි උපරිමය කළා. මගේ වයස දැන් අවුරුදු 85ක්‘‘ යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ රාජකාරී නිමකිරීම පිළිබඳ ලංකාදීපය කළ විමසීමකදී මහාචාර්යවරයා මේ බව කීවේය.

‘සමහරු හිතනවා සයිටම් ප්‍රශ්නයේදී තවදුරටත් මගේ සේවය අවශ්‍යයයි කියලා. තවත් කොටසක් හිතනවා මේ මිනිහා ඉන්නකම් මේක විසඳාගන්න බැහැ කියලා. ඒ වගේ අදහස් දෙකක් තිබෙනවා. මම අවුරුදු පහක් නිසි වගකීමක් කළා. ඊට පස්සේ බලධාරීන් මට තව මාස හයක් දුන්නා. මම ඒකත් කළා. තව මොනවත් ඕනෑද මම දන්නේ නැහැ‘ යැයි ඔහු පැවසීය.