මම දිනුවා නම් අටවන විධායක ජනපති අවසන් විධායක ජනපති වෙනවා


(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට වාසිය හිමි නොවී තමන් තේරී පත් වූයේ නම් මෙරට අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

තමන් ඇතුළු කණ්ඩායම හඬනැගුවේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් වෙනුවෙන් මිස සර්ව පූට්ටු ආණ්ඩුවක් වෙනුවෙන් නොවන බව කී ඩලස් අලහප්පෙරුම මහතා පවතින අර්බුදය විසඳාගැනීමට නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගාගැනීම ඉතා වැදගත් බව ද සඳහන් කළේය.

අවශ්‍ය වුවහොත් විපක්‍ෂයේඅ අසුන් ගැනීමට වුවත් තම කණ්ඩායම පැකිලෙන්නේ නැතැයි ද අලහප්පෙරුම මහතා කීවේය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.