මන්ත්‍රී රොෂාන්ට අයත් ගොඩනැගිල්ලක ගින්නක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට අයත් බව කියන වාද්දුව තල්පිටියේ වාහන අමතර කොටස් විකුණන පස් මහල් ගොඩනැගිල්ලක අද (23) අලුයම ගින්නක් ඇති වී තිබේ.

එම ගින්නෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර සිදුව ඇති අලාභය සහ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගින්න ඇති වෙන අවස්ථාවේ එම ගොඩනැගිල්ල තුළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිට ඇත.