මනල්කාඩු සිද්ධියේ පරික්ෂණ කරන්න පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා යාපනයට


(ඉන්දිකා රාමනායක)

පේදුරුතුඩුව මනල්කාඩු ප‍්‍රදේශයේ දී  වැලි පැටවු ටිපර් රථයකට  පොලිසිය කළ  වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතා අද (11) යාපනයට ගොස් ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙවන් සිල්වා මහතා  යාපනයට ගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා  මීට පෙර  විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පොලිස් කණ්ඩායමක් යාපනයට  ගොස් තිබුණි.