මදුරු දඟරය මවත් දුවත් එළොව යවයි


කුලියාපිටියේ නිවෙසක ගින්නකින් මවක(37) හා ඇගේ දියණිය (8) මිය ගිය බවත් ත්‍රිකුණාමලයේ ගරාජයක ඇති වූ ගින්නකින් යතුරුපැදි 3ක් හා පාපැදි දෙකක් විනාශ වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. කුලියාපිටියේ ගින්නට හේතුව පත්තු කළ මදුරු දඟරයක් බවද පොලීසිය කියයි. ත්‍රිකුණාමල ගින්නට හේතුව සොයාගෙන නැත.