මතුගම තරුණයෙක් හොර නෝට්ටු මාරයෙක් හදයි


හොර නෝට්ටු හඳුණා ගැනීමේ කුඩා උපකරණයක් නිපදවු  මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අසුරමුනි චන්දන පසංජිත් (35) ඊට පේටන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කර ඇත. සැබෑ නෝට්ටු හා හොර නෝට්ටු හඳුනා ගත හැකි බව කියන අඟල් එකයි කාලක් දිග පළල ඇති මෙම උපකරණය තම පසුම්බියේ දරැගෙන යා හැකිය. රේඩියම් රසායනයට සංවේදී බවක් දක්වන මෙම උපකරණය සැබෑ නෝට්ටු හඳුනා ගන්නේ එහි ඇති රේඩියම් වලිනි. කොල එළියක් දක්වමින් සැබෑ නෝට්ටු හඳුනාගන්නා යන්ත්‍රය හොර නෝට්ටුවකට කිසිම සංඥාවක් නිකුත් නොකරයි. නව නිපැයුම් කොමිසම කොළඹ බණ්ඩාරනායක සම්බන්ත්‍රණ ශාලායේ සහස්‍ක් නිපැයුම් ප්‍රදර්ශනයේදී මෙම යන්ත්‍රය ප්‍රදර්ශනය කරන බව ද කියයි. රුපියල් දහසකට අඩු මුලකින් මෙම යන්ත්‍රය නිශ්පාදනය කළ හැකි බව කියන ඔහු පොකට්ටුවද සමග රුපියල් 1500කට මිල කළ හැකි බවත් සඳහන් කරයි.