මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සෙබළා අල්ලස් දැලේ පැටලෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනියුක්ත 6වැනි විජයබා රෙජිමේන්තුවේ සෙබළකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයකුගෙන් රුපියල් 6000ක අල්ලසක් ලබාගනිද්දී අද(31) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අලුත්ගම දර්ගා නගරයේ නීති විරෝධී මත්පැන් ව්‍යාපාරිකයකුගෙන් ඔහු එසේ අල්ලස් ලබාගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.