මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යාත්‍රා තුනකට ඇමෙරිකාවෙන් ප්‍රහාර


නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් මුහුදු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන යාත්‍රා තුනකට ඇමෙරිකන් නාවික හමුදාවෙන් ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.

ඇමෙරිකන් නාවික හමුදාවට අනුව, මියගිය එම 11 දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. ‘මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන ත්‍රස්තවාදීන් ලෙස ඇමෙරිකන් නාවිත හමුදාව රජය එම පිරිස හඳුන්වාදී ඇත. 

නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් මුහුදු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමේවලට එරෙහිව ඇමෙරිකන් හමුදාව පහර දෙන්නේ මාස කීපයක පටන්ය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි ඇමෙරිකාවට තර්ජනයක් බවටත්, ඇමෙරිකාවට ‘කොකේන්’ ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ මෙම කල්ලි බවටත් ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා නගයි.

ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් හමුදා වෙනිසියුලාවට ගොස් වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලීයා පැහැරගෙන ඇමෙරිකාවට රැගෙන ආවේ ද ඔවුන් වෙනිසියුලාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට සහාය සහ අනුග්‍රහය දෙන බවට චෝදනා නගමිනි.

එම චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් නුවර අධිකරණයක් හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි.