මත්තලදී කුරුල්ලෙක් හැපෙයි


ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අවත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවනයානය මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන්තොටුපලට ගොඩ බැස්සීමේදී   එහි කුඩා කුරුල්ලෙක් වැදුනු බව වාර්ථා වෙයි.

එය අද උදෑසන 6.05 ට පමණ  මගීන් 127 දෙනෙකු රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මත්තල හරහා ඩුබායි බලා යාමට  එය ගුවන් ගත වී අැත.

ගුවන් යානය  මත්තල ගොඩ බෑමට නියමිතව තීබී අැත්තේ අද උදෑසන 6.45 වන විට අතර උදෑසන 6.40 ට පමණ කුරුල්ලා වැදී ඇති බව වාර්ථා වෙයි.

මේ හේතුව නිසා යානය යළි පරීක්ෂා කිරීමට සිදුවිය. එය  පැයකුත් විනාඩි 7 ක් පමා වී මත්තල සිට  ඩුබායි බලා පිටත් විය.

මත්තලින් මගීන් දෙදෙනෙකු පමණක් ගුවන් යානයට ගොඩ වී ඇත.