හම්බන්තොට මත්තල ඉදිකැරෙන ශ්‍රී ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළ විද්යුත් පද්ධතියේ ක්‍රියාකාරිත්වය පරික්සන විශේෂ ගුවන් යානයක් කටුනායක සිට අද එහි පියාසර කළේය.
ගමනට මිනිත්තු 35ක් පමණ ගත විය.
ගුවන් යානයක් ගොඩ බැවීමට යොදා ගන්නා සියලු උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක වූ බව එහි ආරංචි කියයි. ගුවන් යානය ගොඩ බැස්සවීමට පෙර මාධ්‍යෙව්දීන්ට එහි ඇතුළුවීමට අවසර ලැබුණේ නැත.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාද පකිස්තාන ගුවන් නියමුවෝ දෙදෙනෙක්ද, ගුවන් හමුදානියමුවෙක්ද මේ යානයෙන් එහි ආහ.