මඩු මංගල්‍යයට මහ සෙනගක්


ඓතිහාසික මඩු දේවස්ථානයේ සතියක් පුරා පැවති මඩු මංගල්‍යය අවසන් දින අදයි‍

අද තුන්ලක්ෂයක් පමණ වන්දනාකරුවෝ පැමිණ සිටියහ.

යුද්ධයෙන් පසු පළමු වතාවට දුම්රියෙන් මඩු දක්වා ගමන් කිරීමට ඔවුනට අවස්ථාව ලැබිණි.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව වන්දනාකරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීය.

රායප්පු ජෝසප් මන්නාරම රදගුරු, තෝමස් සවුන්ද්‍රනායගම් යාපනය රදගුරු, නෝබට් අන්ද්‍රාදි අනුරාධපුර රදගුරු වියානි ප්‍රනාන්දු මහනුවර රදගුරු උදෑසන ප්‍රධාන දේව මෙහෙය පැවැත්වූහ.

වතිකාන තානාපති ජොසෆ් වික්ටෝරි   විශේෂ ආරාධිතයා විය.