මඩු දේවස්ථානය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරයි


(රංජන් කස්තුරි)

මන්නාරම ශුද්ධ වූ මඩු මාතා දේවස්ථානය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

‘‘ශුද්ධ වූ මඩු මාතා දේවස්ථානයට වන්දනා මාන කිරීම පිණිස පැමිණෙන සුවහසක් වූ කතෝලික බැතිමතුන්ගේ ආගමික සුබසිද්ධිය සැලසීම පිණිස මඩු මාතා දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කරමි‘‘ යනුවෙන ජනාධිපතිවරයා  නොවැම්බර් මස 13 වැනි දින නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.