මඩු දේවස්ථානය අසලට මහ වැස්සක්


(ඔගස්ටින්  ප‍්‍රනාන්දු)
 
මඩු දේවස්ථානය අවට ප‍්‍රදේශයට හදිසියේම ඇද වැටුණු ධාරාණිපාත වර්ෂාව නිසා එම දේවස්ථානය අවට ප‍්‍රදේශය ජලයෙන් යටවිය.

මෙවර මඩු මංගල්‍යය අද ( 15 ) පැවැත්වීමට නියමිතව තිබිණි.
ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක් මඩු පුද බිම වෙත පැමිණ සිටි බව මඩු පොලිසිය කියයි.

බැතිමතුන් රැඳී සිටි රෙදි ආවරණ ජලයෙන් යටවි  ඔවුන් දැඩි පීඩනයට පත්වු බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධෂ්‍යක්ෂ ආචාර්ය එමි ඒ ජී එමි රියාඩි මහතා පවසයි.

මේ වන විට ජලය පහව ගොස් තිබුණ ද එම ප්‍රදේශයම මඩවගුරක් බවට පත්ව ඇතැයි ඒ මහතා කීය.