මට මුළු ලංකාවම එකයි


මගේ ගමට දුම්රිය පාරක් දීමටත් පෙර උතුරේ ජනතාව වෙනුවෙන් දුම්රිය මාර්ගය ලබා දුන්නා. මුළු ලංකාවම මට එකයි සිංහල දෙමළ හා මුස්ලිම් හැමෝටම මගේ සැලකිල්ල එක හා සමාන යැයි මහින්ද රාජපක්ෂ ජනපති කිලිනොච්චියේ දී ප්‍රකාශ කෙළේය.

ඕමන්තේ සිට කිලිනොච්චිය ගිය දුම්රිය පෙරවුරු 9.27ට කිලිනොච්චියට ළඟාවිය.  හින්දු චාරිත්‍රයට අනුව අමුත්තෝ පිළිගනූ ලැබූහ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිං, ගමන ගමන අමැති කුමාර වෙල්ගම මහත්වරුද ජනපති සමග මේ ගමන ගියහ.

උතුරේ ජනතාව වෙනුවෙන් කළහැකි හැමදෙයක් ම කරන බව ජනපති කීවේය.

රජය උතුරු දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු නිම කිරීම ගැන ඉන්දියාවේ සතුටු වන බව මහකොමසාරිස් සිං මහතා පැවැසීය.