දරුවන් මෙන්ම දෙමාපියන් ද ආදර්ශමත් විය යුතු බවත්, ඇතැම් දේශපාලනඥයන් ගුරුවරුන් දණගස්වන යුගයක ගුරුවරුන් දරුවන්ගේ පිට පැලෙන්න පහර දෙන යුගයක දරුවන් ගුරුවරුන්ට පහරදෙන යුගයක තමාගේ දරුවන්ට වඳින්නට හිතෙන බව ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ජාතික පාසලේදී අද පැවසීය.
දරුවන් ඉබේ හැදෙන්නට ඉඩ නොදී හැදිය යුතු බවත්, මව්පියන් ඔවුනට ආදර්ශවත් විය යුතු බවත් ඔහු කීවේය.

