මංජුල තිලකරත්න රෝහලෙන් ගෙදර යයි


අධිකරණ සේවා කොමිෂමේ ලේකම් මංජුල තිලකරත්න මහතා මින් මඳ වේලවකට කලින් කොළඹ ජාතික රෝහලේ පිටව ගියේය. තවත් දින කිහිපයක් රෝහලේ ගත කිරීම වඩාත් සුදුසු බව වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී තිබිණි. අධිකරණ කටයුතු අකර්මන්‍ය විය හැකි හෙයින් රෝහලේ යන බව තිලකරත්න මහතා පවසා ඇත. ඔහු ගල්කිස්සේ දී ඉරිදා මැර ප්‍රහාරයකට ලක්විය.