මංචි සය සාමාජික ක‍්‍රිකට් ශූරතාව ඞී. එස්. සේනානායක විදුහලට
ආදී වෙස්ලි කී‍්‍රඩා සමාජය 20 වැනි වරටත් මෙහෙය වූ ‘මන්චි කුසලාන’ අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සමත් විය. වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩකයෝ (70) ලකුණු 11 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (59) පරාජය කිරීමට සමත් වූහ.

