මං මෝහන් සිං ඉන්දියා ස්ථාවරය කියයි
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව යළි පදිංචි කිරීම හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් ඉන්දියාව හැමවිටම ඉහළම හා වැදගත් ප්‍රමුඛත්වයකින් කටයුතු කරන බවත්, යුද ගැටුම් අවසන් වීමෙන් පසු එම ජනතාවගේ යහ පැවැත්ම හා සුබ සාධනය පිළිබඳව ඉන්දියා රජයේ අවධානය යෙමු වී ඇති බවත් ඉන්දියා අගමැති ආචාර්ය මංමෝහන් සිං පවසයි. දෙමළ ජනතාවගේ අයිතීන් ලබා දෙන්නැයි සඳහන් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ඉකුත් අගෝස්තු 20 වැනි දා ඉන්දියා ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි විසින් ඉන්දියා අගමැතිට යවූ ලිපිය පිළිතුරු ලිපියක් යවමින් ඊයේ ආචාර්ය මංමෝහන් සිං මහතා මෙම කරුණු අවධාරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. බලය බෙදා හැරීම හා දෙමළ ජනතාවට සිය අයිතීන් ලබාදීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ රජයේ හා අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කරන බව ඉන්දියා අගමැතිවරයා හිටපු තමිල්නාඩ් මහා ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.

