භූවිද්‍යාඥයෝ හයක් හිරේ
තුන්දහසකට මරු කැඳවමින් ලාක්විලාහි තුන් අවුරුද්දකට පෙර සිදුවූ භූමිකම්පාවේ අවදානම ගැන කල්තියා නිවැරදිව විස්තර කියන්නට අපොහොසත්වූ විද්‍යාඥයන් හයදෙනකුට වසර හය බැගින් සිරදඬුවම් නියමවීමත් සමග එම තීන්දුවට විරෝධය පළ කරමින් ප‍්‍රධානපෙළේ අතුරුඅන්තරා වැළැක්වීම හා කල්තියා දැනුම්දීමේ කොමිසමේ ප‍්‍රධානී ලූසියානෝ මයානි ඉල්ලා අස්විය. ලොවපුරා භූමිකම්පා විද්‍යාඥයෝ මේ නඩු තීන්දුව ගැන කම්පාව පළකළහ. අනාගත පර්යේෂණවලට එම තීන්දුව බාධාවක් විය හැකි බවද කීහ.

