භීතිය නැති කළාට පොලිසියට කිරිබත්
වසර හතරක දී කාන්තා ඝාතන 14ක් සිදු වූ කහවත්ත කොට කෙතන පිහිටැවූ පොලිස් මුර පොළේ සේවය අගයමින් ගැමියෝ අද එහි පොලිසියට අද කිරිබතින් සංග්‍රහ කළහ. මාස තුනකට පෙර පිහිටැවූ මේ මුරපොළ නිසා ගමේ පැතිරී ගිය මිත්‍යා විශ්වාස හා භීතිය බොහෝ දුරට තුරන් විය.

