භික්ෂූහු වඳ සැත්කම නවත්වති


වයස අවුරුදු 34 වැඩි මව්වරුන් 40 දෙනකු බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ නියමය පරිදි  බණ්ඩාරගම රෝහලට අද වඳ සැත්කම් කර ගැනීම සඳහා පැමිණියත් ප්‍රදේශවාසී භික්ෂූන් අතුළු පිරිසකගේ විරෝධය නිසා නතර කර දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර චමින්ද පෙරේරා මහතා කීය. සිය කැමැත්තෙන් මේ සැත්කමට පැමිණි බව දැනගත් උද්ඝෝෂකයෝ, එහි පැමිණ ‘සිංහල ජාතිය වඳ නොකරන්නැ‘යි කියන පාඨ රැගත් පුවරු රැගෙන විරෝධය දැක්වූහ. රාජ්‍ය නොවන සංවිධානයක් මෙම සැත්කම සඳහා  සිය අනුග්‍රහාය දක්වා තිබිණි.