බ‍්‍රසීල කෙල්ල පිරිසුදුකම විකුණයි


බ‍්‍රසීලයේ විසි හැවිරිදි උපාධි අපේක්ෂිකාවක සිය කන්‍යභාවය ජපන් ජාතියකුට යුරෝ 600000 විකුනුවාය. (රුපියල් 10,320,0000) ඒ සඳහා  ඕස්ටේ‍්‍රලියා වෙබ් අඩවියක්  වෙන්දේසිය සිදු කළේය. කැතරින් මිග්ලියෝරිනීගේ කන්‍යාභාවය මිලට ගැනීම සඳහාට ජපන් ජාතික නට්සුට හැකිවූයේ ඉන්දියාවෙන්, බ‍්‍රසීලයෙන්, ඇමරිකාවෙන් හා ජපානයේ තරකරුවන් 15 දෙනකු පරාජය කරමිනි. මේ අතර රුසියා ජාතික 21 හැවිරිදි තරුණියක බ‍්‍රසීල ජාතිකයකුට යුරෝ 2300 කට (රුපියල් 395600) තම කන්‍යාභාවය විකුණුවාය. තම උපන් ගම වන සාන්න කතිරිනාවේ දුප්පතුන්ට නිවාස හදාදීමට මේ වෙන්දේසිය පවත්වන බව උපාධි අපේක්ෂිකාව වෙන්දේසියට පෙර කීවාය. එහෙත් වෙන්දේසිය සිදුකළ  ඕස්ටේ‍්‍රලියා චිත‍්‍රපට නිශ්පාදක ජස්ටින් ඩිසිල් පැවසුවේ හුදෙක් එය ව්‍යාපාරික ස්වභාවයේ ගනුදෙනුවක් බවයි. ඇය මුලින් දුන් පොරොන්දුව ඉටු නොකලහොත් ඇගේ නම නරක් වනු ඇතැයි ඩිසිල් කියයි. උපාධි අපේක්ෂිකාව ගුවන් යානයකදී පැයකට ජපන් ජාතිකයා  හමුවීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට ද පෙනී සිට මවුපියන්ගේද සහතික සමග සිය කන්‍යාභාවය  තහවුරු කළ යුතු වෙයි. මෙවැනි දෙයක් කළාට තමා අබිසරුලියක් නොවනු ඇතැයි උපාධි අපේක්ෂිකාව කියයි.