(සිරාජ් හසීම්)
උතුරු පළාත් සභාවේ පාලන බලය හිමි දෙමළ ජාතික සන්ධානයට ලැබී ඇති බෝනස් මන්ත්‍රීධූරය සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සිය නියෝජිතයෙකු දෙවන වරටත් පත්කිරීම සන්ධානය තුළ දැඩි අර්බුදයක් ඇතිවීමට හේතු වී ඇතැයි එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපයට පැවසීය.
ප්ලොට් සංවිධානයේ නියෝජිතයකුට ලබාදීමට තිබූ මෙම මන්ත්‍රීධූරය සදහා තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් නියෝජිතයකු වන ජයසේකරන් මහතා පත්කර ඇත්තේ 02 වැනිදාය.
මේ හේතුව මත තමිල් අරසු කච්චි පක්ෂයට සෙසු පක්ෂවලින් දැඩි විරෝධයක් මතුවී තිබේ.
2013 වසරේ පැවති උතුරු පළාත් සභා මැතිවරණයෙන් ලද ජයග්‍රහණයට අනුව බෝනස් මන්ත්‍රී ආසන දෙකක් එම සන්ධානයට හිමිවූ අතර ඉන් එක් මන්ත්‍රීධූරයක් සදහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත දේශපාලන පක්ෂ හතරම නියෝජනය වන ආකාරයෙන් වාර්ෂිකව නවක නියෝජිතයෙකු පත්කිරිමට පක්ෂ හතරේම එකඟතාව පලවී තිබිණි.
මේ අනුව බෝනස් අසුනේ ප්‍රථම වසර සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ මේරි කමලා ගුණසිලන් මහත්මියත්,දෙවන වසර සදහා ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නඩරාජා මහතාත්,තෙවන වසර සදහා ටෙලෝ සංවිධානයේ සෙන්දිල්නාදන් මයුරන් මහතාත් පත්කර අතර අවසන් වසර සදහා ප්ලොට් සංවිධානයයේ වව්නියාව දිස්ත්‍රීක් නියෝජිතයකු පත්කිරීමට තිබුණි.
2016 2017 වසරේ බෝනස් අසුනට පත්කර සිටි සෙන්දිල්නාදන් මයුරන් මහතාගේ වසරක කාලය අවසන් වී මීට දින කිහිපයකට ඉහතදී ඉල්ලා අස්වූ අතර සදහා ප්ලොට් සංවිධානය වව්නියාව දිස්ත්‍රීක්කයේ සිය නියෝජිතයෙකු පත්කිරීමට සැලසුම් කර තිබුණි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා,එම්.ඒ සුමන්තිරන් ප්‍රමුඛ තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ මැදිහත්වීම මත ඉලංගෙයි තමිල් අරසු කච්චි පකෂය යාපනය දිස්ත්‍රීක් නියෝජිතයෙකු වන ජයසේකරන් මහතා මේ මන්ත්‍රීධූරයට පත්කර ඇත්තේ සෙසු පක්ෂවලින් එල්ලවූ විරෝධයද නොතකාය.

