2010 ජනාධිපතිවරණ සමයේ මාලිගාවත්ත බෝධිරාජාරාමයේ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය රැස් කර තිබිණැයි කියන නඩුව ඔක්තෝබර 17 වැනි දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය අද තීන්දු කළේය.
ඌවතැන්නේ සුමන හිමි, පී රාජබාලන්, පී තමිල් සෙල්වම් හා සන්ධනම් සුබ්‍රමනියම්ට එරෙහිව මේ නඩුව පවරා ඇත.

