බොහෝ ප්‍රදේශයන්ට සවස් කාලයේ වැසි


(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (30) සවස් කාලයේ ගිගුරුම් සහිත වැනි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇතිවිය හැකි බව ඔහු කීවේය.

 ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වාගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.