හිටපු ලෝක රූ රැජිනක වන අයිශ්චර්යා රායි බච්චන් නැවතත් චිත‍්‍රපටියක් තුළින් දැකීමට රසිකයෝ පෙරුම් පුරාගෙන බලා සිටිති. එහෙත් මේ සුන්දර මව ඇගේ සිඟිති දියණිය වෙනුවෙන්ම කාලය කැප කර සිටින බව පෙනෙන්නට තිබේ. එය චිත‍්‍රපටියක රඟපෑමට වඩා ආස්වාදජනක බව ඇය සිතනවා විය යුතුය.
කරන් ජෝහාර්ගේ ශුද්ධි චිත‍්‍රපටියේ ප‍්‍රධාන නළු නිිළි දෙපළ ලෙස අයිශ්චර්යා සහ රිතික් රෝෂන් තෝරාගෙන සිටිය ද අයිශ්චර්යාගේ කාර්ය බහුලත්වය නිසා එහි රූගත කිරීමේ ප‍්‍රමාද වෙන බව දැන ගන්නට ලැබී තිබේ. මේ දිනවල අයිශ්චර්යා වෙළඳ දැන්වීමක පෙනී සිටීම සඳහා ඩුබායිවලට ගොස් සිටියි. ඒ අතරම ඇය ඇගේ සිහින නිවස අලංකාර කිරීමේ සැලසුමක් ද සැමියා අභිෂේක් බච්චන් සමග එක් වී සකස් කරමින් සිටියි.
බච්චන් පවුලේ අලූත්ම මාලිගාව වන්නේ ඩුබායිහි ‘සැන්ක්චුවරි ෆෝල් මැනිෂන්’ය. ඔවුන් එහි අලංකරණ කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ ඩුබායිවල සුඛෝපභෝගී හෝටල් රැුසක අලංකරණ කටයුතු කළ ජාත්‍යන්තර මට්ටමේ ශිල්පීන් පිරිසකි. මෙම මන්දිරය කුඩා ආරාධ්‍යා බච්චන්ට පරිපූර්ණ ක්‍ෂේම භූමියක් වෙනවා නිරනුමානය.
|