මිරිහාන පොලීසියේ යැයි කියමින් දඹුල්ල නාගරික මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කෑමට පැමිණි බව කියන සැකකරුවන් අට දෙනා ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත් කරන්නැයි දඹුල්ල අතිරේක මහේස්ත්‍රාත් ජයම්පති ඒකනායක මහතා නියෝග කළේය.
ඒ සී උපුල් නිලන්ත,ධනංජය හේමචන්ද්‍ර,සහන් අනුරාධ,තිරු සුසන්ත, චනක ඒකනායක,එස් උදයංග,මනෝජ් නිශාන්ත හා දුලාන් හේමචන්ද්‍ර මෙසේ රිමාන්ඩ් කෙරිණි.
සැකකරුවන් හා වෑන් රථය බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.

