පෙම්වතියගේ රුපියල් ලක්ෂ 16ක් හා රන් පවුම් 54ක් වංචා කළැයි කියන ක්‍රිෂාන් පීරිස් නම් පෙම්වතෙක් කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
තමාට වය අවුරුදු 12 සිට ඔහු සමග පෙමින් බැඳී සිටි බවත්, නවසීලන්ත වීසා ලබා එහි පදිංචියට යන බව කියමින් මේ මුදල් හා රන් අබරණ ලබා ගත් ඔහු සමග පැවති ඇසුරේදී තමා ගැබිනියක වූ බවත් මොරටුවේ පදිංචි ඇගේ පැමිණිල්ලේ සඳහන් වේ.
තම පෙම්වතා ස්ථිර ආදායමක් නැති පුද්ගලයකු බව ද, දෙදරු පියකු බව ද ඇය පොලිසියට කියා ඇත.