බෙහෙත් ගෙනා රන් වෙළෙන්දාට රේගුවෙන් බේත් දෙයි


සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතියකින් තොරව ඉන්දියවේ චෙන්නායි නුවරින්  ගෙන ආ ආයුර්වේද බොහෙත් අඩංගු ගවන් මලු පහක් සමග අම්බලන්ගොඩ රන්බඩු වෙළෙන්දෙක් කටුනායක දී රේගුව විසින් රඳවාගනු ලැබීය. දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ අක්මා රෝග සඳහා බව කියන මේ බෙහෙත්වල ප්‍රමිතිය ගැන සහතිකයක් නැති බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ පහක් බවත් කියයි.