බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසල මහා පිංකම ඉරිදා (01) නිමාවට පත්විය.
සෙනසුරාදා (31) පැවති අවසාන රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව නැඳුන්ගමුවේ හස්තිරාජයා විසින් වැඩම විය.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හා විහාරාධිකාරී බෙල්ලන්විල විමලරත්න අනු නා හිමිගේ ප්‍රධානත්වයෙන් මෙවර පෙරහර පැවැත්විණි.

