බෙල්ලන් සමග බෙල්ලෙන් අසුවේ


දුර්ලභ ගනයේ බෙල්ලන් අට දෙනෙකු ගමන් මල්ලේ සඟවාගෙන මෙරටින් පිටවීමට සූදානම් වූ රුසියානු ජාතික නාවිකයකු (35) ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම බෙල්ලන් ජීවී හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂා කිරීමට ලේඛණ ගත කර ඇති දුර්ලභ බෙල්ලන් විශේෂයක් බව ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා කියයි. සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය සහ අසංක ප්‍රියදර්ෂන යන නිලධාරීන්ට සැකකරු ගැන ඇතිවූ සැකයක් මත ඔහුගේ ගමන්මල්ල පරික්ෂා කිරීමෙදී  බෙල්ලන් සොයා ගත් අතර   නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා රේගු පරීක්ෂණය සිදු කරනු ලැබීය.