ධීවර මේලාවකින් උපයාගත් ලාභයෙන් රුපියල් විසිහත් ලක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සේවකයින්ට නොදී වංචා කළැයි කියන හිටපු මුල්‍ය කළමණාකරු ධම්මික සමන් කුමාරට එරෙහි පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය හමුවේ කියා සිටියේය.
ධීවර සංස්ථාවෙන් මුදාහළ මෙම මුදල මුල්‍ය කළමනාකරු ඔවුනට නොදී වංචා කිරීම පොදු දේපළ පනත උල්ලංඝණය කිරීමක් බවත් සැකකරු සම්බන්ධයෙන් නීතීපති උපදෙස් පතන බවත් පොලීසිය අධිකරණයට කියා සිටියේය .

